English (UK)TamilSriLanka

නැණසල ප්‍රණාම ස්වර්ණ සම්මාන ප්‍රදානය උත්කර්ෂවත් ලෙසින් පැවැත්වේ

මෙරට නැණසල මධ්‍යස්ථාන මගින් සිදුවන මෙහෙය ඇගැයීම සදහා පවත්වන ලද "නැණසල ප්‍රණාම ස්වර්ණ සම්මාන" ප්‍රදා‍නයේදී එහි ඉහළම සම්මානය වන "නැණසල ප්‍රණාම ස්වර්ණ සම්මානය" බලන්ගොඩ නැණසල මධ්‍යස්ථානයට හිමිවිය. සම්මාන ප්‍රදානෝත්සවයේ දෙවන ඉහළම සම්මානය වන මහාචාර්ය වී.කේ සමරනායක අනුස්මරණ විශේෂ සම්මානය හිමිවුයේ හම්බන්තොට සුරියවැව නැණසල මධ්‍යස්ථානයටය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් (ICTA) මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරන ලද අතර විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්‍රදානය සිදුවිය. පළාත් මට්ටමින් නැණසල මධ්‍යස්ථාන 9ක් සහ දිස්ත්‍රික් මට්ටමින් නැණසල මධ්‍යස්ථාන 25ක් මෙහිදී සම්මානයට පාත්‍ර විය. මෙරට නැණසල මධ්‍යස්ථාන අළලා ආචාර්ය බශීර්හාමඩ් ෂැඩ්රැක් මහතා විසින් සම්පාදනය කරන ලද "නැණසල, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන හුවමාරු මධ්‍යස්ථාන" නම් වු ග්‍රන්ථය ‍දොරට වැඩුමද මෙහිදී සිදුවිය.


දෙදහස් දහසය වන විට මෙරට ජනතාවගේ පරිගණක සාක්ෂරතාවය සියයට හැත්තෑපහ දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ බවත් ඒ සදහා නැණසල මධ්‍යස්ථාන විශාල ශක්තියක් බවත් සම්මාන ප්‍රදානෝත්සවය ඇමතූ විදුලිසංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමති රංජිත් සියඹලාපිටිය මැතිතුමා පවසීය. එසේම තමන් කරන සේවය ඇගැයීමට ලක්වීම දැකීම සෑම කෙනෙක්ම පාහේ අපේක්ෂා කරන බවත් එය ඉදිරියට යෑමට දිරියක් බවත් ඔහු කියා සිටියේය.

සම්මාන ප්‍රදානෝත්සවය ඇමතූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක රෙෂාන් දේවපුර මහතා " අද ‘නැණසල’ යනු මෙරට සෑම ජන කොටසක්ම දන්නා හඳුනන බුද්ධි මධ්‍යස්ථාන බවට පත්වී තිබෙනවා. ඊට හේතුව නැණසල මගින් ක්‍රියාත්මක කෙරෙන විවිධ ජනතා හිතවාදී ව්‍යාපෘති බව අප සැම දන්නා කරුණක්. අද අපේ ගොවි ජනතාවට, ධීවරයාට, හස්ත කර්මාන්ත ශිල්පියාට, ස්වයං රැකියා ලාභියාට අන්තර්ජාලය ඔස්සේ තොරතුරු දැනුම මෙන්ම ව්‍යාපාරික අවස්ථාද ලබාදෙන්නේ මේ නැණසල මගින් වීම විශේෂත්වයක්. ඊට අමතරව ගමේ සිටින පාසැල් දරු දැරියන්ට සිය අධ්‍යාපන කටයුතු කර ගෙන යෑමට, විභාග ආදියට සුදානම් වීමට මෙන්ම විභාග ප්‍රතිඵල දැනගැනීමටද ඇති එකම තැන ගමේ නැණසල මධ්‍යස්ථානයයි." යයි සඳහන් කළේය. 

පරිකථන


Security code
නැවුම් කරන්න

දැන්වීම් :

User Login

මධ්‍යස්ථාන සෙවීම