English (UK)TamilSriLanka

නැණසල මධ්‍යස්ථානවලට ජාතික වැඩපිලිවෙලක්

ශ්‍රී ලංකාවේ සියලුම නැණසල මධ්‍යස්ථාන සදහා ජාතික වැඩපිලිවෙලක් හදුන්වා දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය තිරණය කරයි.

මෙසේ ජාතික වැඩපිලිවෙලක් හදුන්වාදීම මගින් එකම ප්‍රමිතියකට අනුව සියලු නැණසල මධ්‍යස්ථාන පවත්වා ගෙන යෑමට හැකිවන බවත් වඩාත් ගුණාත්මක සහ විධිමත් සේවාවක් එමගින්  මහජනතාවට ලබා දීමට හැකිවන බවත් නියෝජිතායතනය පවසයි.

මේ වන විට දිවයින පුරා නැණසල මධ්‍යස්ථාන 741ක් පමණ පිහිටුවා තිබේ. මෙම එක් එක් නැණසල මධ්‍යස්ථාන මගින් පරිගණක පුහුණු පාඨමාලා වෘත්තීය පුහුණු වැඩසටහන් අලෙවිකරණ පාඨමාලා ආදී විවිධ වු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ජාතික වැඩපිලිවෙල සකස් කිරීම සදහා පළාත් මට්ටමින් නැණසල හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත.

පරිකථන


Security code
නැවුම් කරන්න

දැන්වීම් :

User Login

මධ්‍යස්ථාන සෙවීම