SinhalaSriLankaTamilSriLanka

නැණසලට හිමිවූ ඩොලර් දශ ලක්ෂයේ ත්‍යාගය නැණසල මධ්‍යස්ථානවල සංවර්ධනයට යෙදවේ

ලෝකයේ විශිෂ්ටතම ග්‍රාමීය  තොරතුරු තාක්‍ෂණ වැඩසටහන ලෙස  ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවු “නැණසල” ව්‍යාපෘතියට  ලැබුණු මුදල් ත්‍යාගය නැණසල මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය සදහා යෙදවීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) තීරණය කර ඇත.

අන්තර්ජාතික බිල් ගේට්ස් අධ්‍යන ප්‍රවේශ සම්මානය සහ ඇමරිකානු ඩොලර් දශ ලක්ෂයක මුදල් ත්‍යාගයක් නැණසල ව්‍යාපෘතියට පිරිනැමිණි. මීට අමතරව තවත් ඇමරිකානු ඩොලර් දශ ලක්ෂයක් වටිනා මෘදුකාංග ද මෙරටට ප්‍රදානය කෙරිණි.

‍2004 වසරේ දි සියයට හතරක මට්ටමේ පැවති මෙරට තොරතුරු තාක්‍ෂණ සාක්ෂරතාවය මේ වන විට සියයට හතලිහ දක්වා වර්ධනය වී තිබෙන බවත් නැණසල ව්‍යාපෘතිය ඊට ප්‍රධාන රුකුලක් වු බවත් නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් වන නැණසල දහස වැඩසටහනේ  ඉලක්ක මේ වසර අවසන් වීමට පෙර සපුරා ගැනීමට අපේක්‍ෂා කරන බවත් නැණසල මධ්‍යස්ථාන මගින් ලබා දෙන මහජන සේවාවන් තවත් පුලුල් කිරීමට අපේක්ෂා කරන බවත් දේවපුර මහතා පවසයි.

මේ වන විට දිවයින පුරා පිහිටුවා තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන අටසිය දහයකි.

පසුගියදා මෙම සම්මාන ප්‍රදානය ප්‍රංශයේදි පැවැත්විණි.

Views: 11879

800 වන නැණසල කුරුණෑගලට

අටසිය වන නැණසල මධ්‍යස්ථානය ‍අද (28දා) තාවල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නැණසල දහස සංකල්පය යටතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කෙරෙන වන 61 වන නැණසල මධ්‍යස්ථානය මෙය වේ.

මුලික පරිගණක පුහුණුව ,අන්තර්ජාල පහසුකම්, ඉ-මේල් පහසුකම් ඇතුලු සේවාවන් රැසක් මෙහිදී ලබා ගත හැකි බව නියෝජිතායතනය පවසයි.

විදුලිසංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්න, නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු කෙරේ. 

Views: 11234

‘ජනපති මහින්ද ලෝකයේ සෙසු නායකයින්ට ආදර්ශයක්‘ - බිල්ගේට්ස්

රතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් ජනතාව සවිබලගැන්වීමට සහ විධිමත් සමාජ ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාව තුල බිහිකිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගෙන ඇති ක්‍රියාමාර්ග ලෝකයේ සෙසුනායකයන්ට ආදර්ශයක් බව මයික්‍රෝසො‍ෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් මහතා ප්‍රකාශකරයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විශ්වාස කරන ලෙසම ප්‍රජාව සංවර්ධනය කිරීම සදහා තොරතුරු තාක්‍ෂණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව තමා ද විශ්වාස කරන්නේ යැයි ලොව ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස් මහතා ලොව විශිෂ්ටතම තොරතුරු තාක්‍ෂණය සම්මානය පිරිනමමින් පසුගිය 18වනදා ප්‍රකාශ කළේය.

සංවර්ධනය වෙනුවෙන් තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීමේදී දුෂ්කරතා සහ අභියෝග රැසක් මතුවෙයි. එම අභියෝග ජය ගනිමින් සියලු දෙනාට තොරතුරු තාක්‍ෂණය සදහා අවස්ථා ලබා දීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගෙන ඇති පියවර ප්‍රශංසා කළේය.විශේෂයෙන් ඒ තුළින් ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදිත ජනතාවට ආර්ථික සහ සමාජ සංවර්ධන අවස්ථා පුලුල් කිරීමට එතුමා ක්‍රමෝපායිකව මැදිහත්වීම තමා අගය කරන බව බිල් ගේට්ස් මහතා කියා සිටියේය.

සෑම ජීවිතයකටම සමාන වටිනාකමක් ඇති බව විශ්වාස කරන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම එම දර්ශනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන නායකයෙකු වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාර්යභාරය අගය කරන අතරම ඔහුගේ එම ප්‍රතිපත්තිය ලොව සියලු දෙනාට ආදර්ශයක් බව අවධාරනය කරනු ලැබීය.

Views: 8900
Notices :

Nenasala Search




Contents of this site is licensed under a Creative Commons
Attribution-Noncommercial-Share Alike 3.0 License.