English (UK)TamilSriLanka

ඉ-පුස්තකාල නැණසල ව්‍යාපෘතිය

ඉ-පුස්තකාල නැණසල ව්‍යාපෘතිය මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම කිරිවෙහෙරේදී 2005 ජනවාරි මස 1 වැනි දින දියත් කරනු ලැබූයේ සුනාමි උවදුරින් දින කිහිපයකට පසුවය. එහි මුඛ්‍ය අරමුණ වූයේ දිවයිනේ සියලු පුරවැසියන්ට බහුවිධ සහ අසීමිත තොරතුරු මූලාශ්‍රයන්ට සහ සන්නිවේදන මාර්ගයන්ට ප්‍රවේශය ඇති බව සහතික කිරීමයි. මධ්‍යස්ථාන 283 කින් සමන්විත ඉ-පුස්තකාල නැණසල ව්‍යාපෘතිය, දැනට මධ්‍යස්ථාන 721 කින් සුසැදි වඩා පෘථුල නැණසල ව්‍යාපෘතියේ වැදගත් සංරචකයක් සංස්ථාපනය කරයි. ඉ-පුස්තකාල නැණසල ව්‍යාපෘතිය සංකල්පනය කළ සහ ක්‍රියාවට නැංවූ මූලික තර්කාංගය වූයේ පරිගණක, අන්තර්ජාලය, දැනුම දම තොරතුරු වෙත ප්‍රවේශය නොමිලේ සපයනු ලබන ප්‍රජා ආදර්ශනයක් අනුගමනය කිරීමයි. මධ්‍යස්ථාන බොහෝමයක් දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පිහිටා ඇති අතර ඉන් බහුතරයක් පූජනීය ස්ථානවලද  තවත් කිහිපයක් මහජන පුස්තකාලවල ද පිහිටුවා ඇත. විහාරස්ථානවල පිහිටුවා ඇති ඉ-පුස්තකාල නැණසල මධ්‍යස්ථාන වඩාත්ම ජනප්‍රිය වී ඇති අතර විහාරස්ථානය ගම්මානයේ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය වීම සහ ඈත අතීතයේ සිටම ග්‍රාමීය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික අධ්‍යාපන ආයතනය ලෙස ක්‍රියාකිරීම යන කරුණු මගින් ඒවා සිය  ශක්තිය උකහා‍ගෙන තිබේ. මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ පන්සලක, පල්ලියක හෝ කෝවිලක වුවත් කිසිදු ආගමික හෝ වාර්ගික පක්ෂපාතිත්වයකින් තොරව සමාජයේ සෑම තරාතිරකම කොටස් සඳහා ඒවා විවෘතව පවතී. ඉ-පුස්තකාල නැණසල මධ්‍යස්ථාන සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්ගේ නුවණ සහ දැනුම සදහා දොරගුළු විවෘත කර තිබේ. ප්‍රජාවේ දායකත්වය සහිතව ඉ-පුස්තකාල නැණසල මධ්‍යස්ථාන තිරසා‍රව පවත්වා ගැනීමට විහාරස්ථානයන්ට හැකිවී තිබේ. දිව‍යිනේ අවවරප්‍රසාදිත ප්‍රදේශයන්හි ජනතාවට තොරතුරු වෙත නොමිලයේ ප්‍රවේශය ලබාදෙන වඩාත්ම සවිමත් සහ තිරසාර ක්‍රමවේදය බවට අද වන විට ඉ-පුස්තකාල නැණසල ව්‍යාපෘතිය පත්ව තිබේ. 

මධ්‍යස්ථානයේ නම ලිපිනය
අ‍ම්බෙල විහාරය - වටපුලුව වටපුලුව, මහනුවර
ශ්‍රී සංඝරාජ පිරිවෙන මල්වතු විහාරය, මහනුවර
මුතුමාරි අම්මන් කෝවිල - වත්තේගම පන්විල පාර, වත්තේගම
ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන අම්පාර
මස්ජිතුල් අලි සහ මතුරසතුල් හුනා මනරස පාර, කල්මුණේ, අම්පාර
ශ්‍රී සුබෝදාරාමය - අම්පාර කදුරපුර, දෙහිඅත්තකණ්ඩිය, අම්පාර
ශ්‍රී මහා බෝධිය පන්සල ශ්‍රී මහා බෝධිය පන්සල, අනුරාධපුරය
ශ්‍රී ස්වර්ණතිලකාරාමය - හොරොව්පතාන ‘හොරොව්පතාන නැණසල’, වව්නියා පාර, හොරොව්පතාන
ආලෝක පබ්බතාරාමය රත්මල්ගහ වැව, කහටගස්දිගිරිය
ශ්‍රී නාගරාජ මහා පිරිවෙන - දේවහූව බුදුගෙහින්න, දේවදූව, කැකිරාව
ශ්‍රී විද්‍යාධර පිරිවෙන - කලකරම්බෑව කලකරම්බෑව, ඉපලොගම
මිහින්තලේ විහාරය මිහින්තලේ, අනුරාධපුර
ශ්‍රි ජයසුමනාරාමය අළුත්දිවුල්වැව, ගටතලාව
ආලෝක විහාරය - පළුගස්වැව සදීපා නැණසල මධ්‍යස්ථානය, ආලෝක විහාරය, හබරණ පාර, පලුගස්වැව, ශ්‍රී ලංකාව
ශ්‍රී මහින්දෝදය පිරිවෙන - රම්බෑව ඉකිරිගොල්ලැව, වහමල්ගොල්ලෑව, රම්බෑව
ශ්‍රී ඥානෝදය පිරිවෙන තලාව, අනුරාධපුර
තන්තිරිමලේ රජමහ විහාරය - තන්තිරිමලේ තන්තිරිමලේ,  මහවිලච්චිය, අනුරාධපුර
ශ්‍රී බුද්ධප්‍රිය අනුස්මරණ සහ තරුණ සමාජය අංක 297, පස්සර පාර, විහාරගොඩ, බදුල්ල
ශ්‍රී ත්‍රිපිටකෝදය පිරිවෙන වරකන්ද, පට්ටියගෙදර
ශ්‍රී සුදර්ශනාරාම විහාරය - හල්දුම්මුල්ල හල්දුම්මුල්ල, බදුල්ල
රජමහා විහාරය - මහියංගනය මහියංගනය
ධම්මානන්ද පිරිවෙන අඹගහවත්ත, ඌව පරණගම
අග්‍රාරාමය, පොල්වත්ත - අම්බලන්ගොඩ පොල්වත්ත, අම්බලන්ගොඩ
ශ්‍රී සරණංකර පිරිවෙන - කිම්බීල කිම්බීල, බද්දෙගම
ශ්‍රී සුදර්ශනාරාමය, - මීපාවල මීපාවල, පෝද්දල
ධම්මපාල විහාරය - නෙළුව ධම්මපාල විහාරය, නෙළුව, ගාල්ල
විද්‍යාශාන්ති පිරිවෙන වයිහේන, මන්තන
ගංගාරාම මහා විහාරය පනන්ගල, ගාල්ල
යටගල රජමහා පිරිවෙන - උණවටුන උණවටුන, ගාල්ල
රේවත විද්‍යායතන පිරිවෙන විජයාරාමය, කුඹල්වැල්ල, ගාල්ල
අමරවශ පිරිවෙන කිරිබන විල, බද්දේගම
ගැටමාන්න පුරාණ රජමහා විහාරය - ගැටමාන්න ගැටමාන්න, බෙලිඅත්ත
නාකඳවල පුරාණ විහාරය - කටුවන නාකඳවල, කටුවන
හතාගල පුරාණ මහා විහාරය හතාගල
බැදිගම ගලබඩ පුරාණ විහාරය - විතාරන්දෙනිය විතාරන්දෙනිය, වීරකැටිය
සාම විහාරය - ගමගොඩ ගමගොඩ, රජවත්ත
නාලන්ද පිරිවෙන හොරණ
දස්සනාසර මහා පිරිවෙන - බෝම්බුවෙල සුබෝදිරාජරාමය, බෝම්බුවෙල, කළුතර
ශ්‍රී ධර්මාරාමය, ගුරුළුබැද්ද කළුගල, ගුරුළුබැද්ද
සුදර්මාවර්ධනාරාමය, හල්වතුර සුදර්මාවර්ධනාරාමය,හල්වතුර - බුලත්සිංහල
අල් මස්ජිදාල් ජම්යුල් අස්නා මධ්‍යම මුස්ලිම් දේවස්ථානය - අකුරණ දුනුවිල පාර, අකුරණ
ශ්‍රී බුවනෙකබා පන්සල ගම්පොල
ගැටඹේ ‍රජෝපවනාරාමය - ගැටඹේ ගැටඹේ, මහනුවර
ශ්‍රි ධර්මාලෝක අභයරාජ මහා පිරිවෙන ඌර‍පොල, යටිනුවර
සුමනාරාම මහා විහාරය යටිහාලගල, හාරිස්පත්තුව
ශ්‍රි දළදා මාළිගාව මහනුවර
ශ්‍රී නාථ දේවාලය මහනුවර
මජිදුන් නූර් ජුම්මා මුස්ලිම් පල්ලිය හිජ්රාපුර, තෙල්දෙණිය, දිගන 4
ශ්‍රී දේවානන්ද විහාරය -නුගවෙල නුගවෙල, මහනුවර
විද්‍යාදර්ශණ පිරිවෙන - වත්තේගම පන්විල පාර, වත්තේගම
දුනුවිල රජමහා විහාරය - දුනුවිල දුනුවිල
ශ්‍රි බිම්බාරාමය, උඩොවිට - උඳුගොඩ ශ්‍රී බිම්බාරාමය, උඳුගොඩ
විද්‍යා ප්‍රදීප පිරිවෙන විද්‍යා ප්‍රදීප පිරිවෙන, ශ්‍රී වේළුවනාරාමය, කරමද, ගෙලිඔය
ශ්‍රි සුභද්‍රාරාමය - මහනුවර කුඩාරත්වත්ත මාවත, දොඩම්වල
කොටබෝගොඩ රජ මහා විහාරය - කඩුගන්නාව කොටුබෝගොඩ, මහනුවර
ශ්‍රී සීලවිමල දහම්පාසල - හන්තාන හන්තාන නගරය, මහනුවර
සාලවන බෝධි විහාරය පොල්ගොල්ල, මහනුවර
කීර්ති ශ්‍රී රාජ මහ විහාරය - අළුත්නුවර අළුත්නුවර, මාවනැල්ල
ශ්‍රී වර්ධනාරාමය වේරගල, දෙහිමඩුව
කීර්ති ශ්‍රී රාජසිංහ විහාරය රඹුක්කන
නාගවනාරාම මහා විහාරය කොස්හින්න, රඹුක්කන
ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරය පාරපේ, රඹුක්කන
වලල්ලාගොඩ පුරාණ විහාරය වලල්ලාගොඩ
පෝයමළු විහාරය අබෝගම, ගල්ගමුව
බායාව රජමහා විහාරය - අවුලේගම අවුලේගම, කුරුණෑගල
සණස සමාජය ඉහළ හල්මිල්ලකොටුව, තුත්තිරිපිටියගම
ශ්‍රි අභිනවාරාමය අස්වැද්දුම, කුරුණෑගල
ශ්‍රි විද්‍යාතිලක මහා පිරිවෙන - වෑඋඩ වෑකන්ද, වෑඋඩ
තරුණ බෞද්ධ මධ්‍යස්ථානය අංක 120/8 බී, මීගමුව පාර, නාරම්මල
ශ්‍රි ඥානාචන්ද්‍රාරාමය - නාරම්ආන නාරම්මාන, පාදෙනිය, වාරියපොල
වාරියපොල ශ්‍රි සුමංගල පිරිවෙන කුරුණෑගල පාර, රෝහල හන්දිය, වාරියපොල
ශාන්ත අන්තෝනි දේවස්ථානය වහකෝට්ටේ, මාතලේ
මනින්ගමුව පුරාණ විහාරය පල්ලේපොල, මාතලේ
ශ්‍රි නාගරුක්ඛාරාමය අකුරගොඩ, සුල්තානගොඩ
ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරය - දෙයියන්දර වේවැලපියද්ද, දෙයියන්දර
ශ්‍රී විජයබිම්බාරාමය ගම්මැදපිටිය
විද්‍යා නිකේතන පිරිවෙන සපුගොඩ, කඹුරුපිටිය
වෙහෙරගොඩ පූර්වාරාම පුරාණ විහාරය වෙහෙරගොඩ, ඌරුගමුව
ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය පන්සල පාර, දෙනියාය
වේරහේන පූර්වාරාම විහාරය ශ්‍රී රේවත, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, වේරහේන, පූර්වාරාම විහාරය, වේරහේන

සීමාසහිත සණස සේවක සමාජය වජිරඥාන පරමායතනය භික්ෂු පුහුණු මධ්‍යස්ථානය

ශ්‍රී වජිරඥාන මහා විහාරය, මහරගම
ශ්‍රී සුනන්ද පිරිවෙන සුනන්ද පාර, මිරිස්ස
පලාටුව බෞද්ධෝදය පිරිවෙන මාතර
මිදෙල්ලවල පුරාණ විහාරය තිහගොඩ
බෝධිරුක්ඛාරාමය බිබිලේ, මොනරාගල
නාගල රජමහා විහාරය බිබිලේ, මොනරාගල
සමාධි නිකේතන බෞද්ධ මධ්‍යස්ථානය දියකොබල, බිබිලේ
කිරිවෙහෙර පන්සල කතරගම
ශ්‍රී විජිතාරාම මහා විහාරය අම්පාර හන්දිය, සියඹලාන්ඩුව
ජයන්තිපුර මහා විද්‍යාලය ඇතිමලේ, සියඹලාන්ඩුව
ශ්‍රී සද්ධානන්ද පිරිවෙන පෙරියකුලම, මරදංකඩවල
ශ්‍රී සුමනාරාම මහා විහාරය මස්කෙළිය
ශ්‍රී සාරිපුත්ත මහා විහාරය රාගල, නුවරඑළිය
ශාන්ත මරියා දෙව්මැදුර බගවන්තලාව
ජාතික නාමල් උයන ජාතික නාමල් උයන මහලේකම් කාර්යාලය, ජාතික නාමල් උයන මාවත, බස් නැවතුම ඉදිරිපිට, දඹුල්ල
ශ්‍රී විජයාරාම ආනන්ද විද්‍යා ‍නිකේතනය විජයපුර, දියසේනපුර, මැදිරිගිරිය
බෞද්ධ මධ්‍යස්ථානය හිගුරක්ගොඩ, පොළොන්නරුව
අශෝකාරාමය සරස්වතීදේවී පිරිවෙන, නව නගරය, මැදිරිගිරිය
මණ්ඩලහිරිය රජමහා විහාරය මැදිරිගිරිය
ශ්‍රී විජය මංගල විහාරය කොස්වාඩිය, මහවැව
අවර් ලේඩි ඔෆ් ලෝඩස් දේවස්ථානය වෙන්නප්පුව
ශ්‍රී බෝධිරාජරාමය හිඟුඅර, ඇඹිලිපිටිය
ශ්‍රී ලංකා භාරතිය ධර්මදූත ආශ්‍රමය උඩකරවිට, කරවිට
ඥානාරාම පුරාණ විහාරය ලීලොපිටිය
රන්කොත් විහාරය - ලෙල්ලොපිටිය ලිල්පොල, ලෙල්ලොපිටිය, රත්නපුර
ශ්‍රි මහින්දාරාමය පානගම, දීල, රත්නපුර
මීගහගොඩ පුරාණ විහාරය මීගහගොඩ, පැල්මඩුල්ල
ශ්‍රි විසුද්ධරාමය - පැල්මඩුල්ල ඉද්දමල්ගොඩ, පැල්මඩුල්ල
ශ්‍රී ඥානසිංහ තපෝවන විහාරය රත්නපුර
ශ්‍රි සුධර්මාරාමය සෙත් සෙවන ළමා නිවාසය ඇටඹගස්කඩ, වව්නියාව
ශ්‍රි ධර්මරතන පිරිවෙන මඩුකන්ද
බුද්ධශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලය ශ්‍රි ලංකා බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලය, නන්ද මාවත, අනුරාධපුරය
රුවන්වැලි සෑය අනුරාධපුරය
ශ්‍රි මේඝාවන විහාරය බුද්ධගයා මාවත, 2 වන අදියර, අනුරාධපුරය
ශ්‍රි ධම්මෝදය පිරිවෙන - ගිරාඳුරුකෝට්ටේ ගිරාඳුරුකෝට්ටේ
ශ්‍රි ගැමුණු මහා විහාරය - මාපකඩවැව ඌව පරණගම, මාපකඩවැව, මහියංගනය
පුඤ්ඤා ප්‍රදීපනී පිරිවෙන කෙසෙල්පොත, මාපකඩවැව
ශ්‍රී සුදර්ශන සේනාසන පිරිවෙන ඕලන්ගන්ගල, උරනිය
ශ්‍රී විජයවර්ධනාරාමය - බෝගහකුඹුර හපුතලේ පාර, බෝගහකුඹුර
විද්‍යාලංකාර පිරිවෙන කැළණිය
ශ්‍රි පරම නිවේසරාමය - අහංගම අගන්ගම්ගොඩ, අහංගම
විජයානන්ද පිරිවෙන - ගාල්ල නැණසල, විජයානන්ද පිරිවෙන, වැලිවත්ත, ගාල්ල
ශ්‍රී පරමාන්නද මහා විහාරය - දොරපෙ දොරපේ, අගුළුගහ
ශ්‍රී සුමංගල පිරිවෙන - මිද්දෙනිය මිද්දෙනිය, හම්බන්තොට
රන්කොත්මළු රජමහා විහාරය වගේගොඩ, තංගල්ල
සිතුල්පව්ව පන්සල තිස්සමහාරාමය
තිස්සමහාරාම මහා විහාරය - තිස්සමහාරාමය ශ්‍රී කාවන්තිස්ස වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය, තිස්සමහාරාමය
ධර්මවිජයාරාමය - ගිරිතලේ ධර්මවිජයාරාමය, ගිරිතලේ
ගෙලිඔය හන්දෙස්ස පන්සල ගෙලිඔය
ශ්‍රී නිග්‍රෝධාරාම විහාරය - තෙල්දෙණිය බතලවත්ත, වල්අමුණ, තෙල්දෙනිය
සුසිලාරාම මහා විහාරය සංඝමිත්තා දහම් පාසල, අළුදෙනිය, හෙම්මානගම
නෙළුම්දෙනිය රජමහා විහාරය නෙළුම්දෙනිය
ධර්මචන්ද්‍ර පිරිවෙන හිරිපිටිය, නිකදළුපොත
රත්නසල පිරිවෙන - වෑගම වෑගම, රත්මලේ
රුවන්බෝධි පිරිවෙන කටුවන පාර, කුරුණෑගල
ශ්‍රී සෝමානන්ද පිරිවෙන - මීගලෑව ශ්‍රී සෝමානන්ද පිරිවෙන, ශ්‍රී ශාන්තිනිකේතනාරාම විහාරය, මීගලෑව
ශ්‍රී සෝනුත්තරාමය - මැටියගන වේවැල්වල, මැටියගන
විද්‍යාසාගර මහා පිරිවෙන රම්බඩගල්ල, රිදීගම
ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරය - කොළඹගම කොළඹගම, කනත්තේවැව
ඥානෝදය පිරිවෙන කන්නදෙනිය,‍කහපත්වල
විද්‍යාසේකර පිරිවෙන - කූඹියන්ගොඩ කූඹියන්ගොඩ
ශ්‍රී විද්‍යාරතන පිරිවෙන අඹාන, කෝන්ගහ, නාඋලවෙල
ශ්‍රී සංඝබෝධි පිරිවෙන වරකමුර, පුරිජ්ජවිල, මාතලේ
කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරය “රාහුල නැණසල“, කහවිල්ගොඩ පුරාණ විහාරය, ඇල්ගිරිය, තෙලිජ්ජවිල
ශ්‍රී සෛලතාරාමය - මැදගම කන්දවින්න, මැදගම
ශ්‍රී විජයවර්ධන මහා පිරිවෙන - දඹගල්ල තේරුල්ල - දඹගල
ප්‍රජා රජ මහා විහාරය - බලපාරුව බලහරුව, ඌව කුඩාඔය
නියම්ගම්දොර පුරාණ රජමහා විහාරය - කොත්මලේ කොත්මලේ
ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන රාවණාගොඩ, විජයබාහු කන්ද
අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය බදුල්ල පාර, නුවරඑළිය
උත්තරාරාම රජමහා විහාරය ඇඹුලපහ, රූපහ
අශෝකාරාම විහාරය - වලස්මුල්ල වලස්මුල්ල
සමාධි සමාජසේවා පදනම ජය මාවත, තඹුත්තේගම
ගල්කන්ද විහාරය එළිය දිවුල්වැව, එප්පාවල
තෝරපිටිය මහා විහාරය - හසලක හසලක
මහා විහාර පිරිවෙන - අස්ගිරිය අස්ගිරිය
අළුවිහාරය පන්සල - මාතලේ මාතලේ
ශ්‍රී සුබෝධාරාමය - කොස්මෝදර කොස්මෝදර, කොටපොල
ශ්‍රී සුදර්මානන්ද මහා  පිරිවෙන - බඩල්කුඹුර බඩල්කුඹුර
නම්ගොඩ රජමහා විහාරය - යල්කුඹුර යල්කුඹුර
ශ්‍රී පේමානන්ද මහා පිරිවෙන - මදටුගම කොටුගල, මදටුගම
සමන් දේවාලය - රත්නපුර සබරගමු මහා සමන් දේවාලය, රත්නපුර
ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන - ගිරිඋල්ල ගිරිඋල්ල නැණසල, මහරගම, ගිරිඋල්ල
විජිතපුර රජමහා විහාරය - විජිතපුර විජිතපුර, අනුරාධපුරය
ශ්‍රී ඉන්ද්‍රසාර ධම්මනිකේතන පිරිවෙන - රිදීඇල රිදී ඇල, දෙහිඅත්තකණ්ඩිය
ශ්‍රී සුධර්මාරාමය - රැටියල රැටියල, ගෝවින්න
දිවුරුමිපොල පුරාණ රජමහා විහාරය නුගතලාව, වැලිමඩ
පරම විසුද්ධාරාම මහා විහාරය - ගාල්ල කහදූව, ඇල්පිටිය
ධම්මරතන පිරිවෙන - තුල්හිරිය මන්ගෙදර, තුල්හිරිය
ශ්‍රී සූවිසුද්ධරාමය, පහළ නාරගල ගෝවින්න
ජයමහ විහාර විද්‍යාතන පිරිවෙන කිතුලේවෙල, මාතර
වැඩිහිටිකන්ද විහාරය වැඩිහිටිකන්ද, කතරගම
ශ්‍රී බෝධිරාජ පිරිවෙන 133, කහටගස්දිගිලිය පාර, ගලෙන්බිඳුනුවැව
ශ්‍රී සුනසාර පිරිවෙන - රඹකුලම රඹකොළම, මැදවච්චිය
ශ්‍රී පියතිස්ස පිරිවෙන් විද්‍යායතනය - ගවරම්මාන ගවරම්මාන, කැප්පෙටිපොල
ශ්‍රී විජිතාරාමය - නාගොඩ කැපිලියගොඩ, නාගොඩ, ගාල්ල
සිත්තම් ගල්ලෙන රජමහා විහාරය - වරාපිටිය රම්මල, වරාපිටිය, වලස්මුල්ල
මස්ජිදුල් හුස්නා ජුම්මා මුස්ලිම් පල්ලිය 236, පල්ලේගම, දෙල්තොට,
අභිනවාරාම මහා විහාරය ගිනිගත්හේන
ශ්‍රී රෝහණ බෞද්ධ මධ්‍යස්ථානය - සුරියකන්ද අංක 3, සූරියකන්ද, බුළුතොට
පෙතියෙගෙදර රජමහා විහාරය - පෙතියෙගෙදර රජමහා විහාරය, පෙතියෙගෙදර, වත්තේගම
ශ්‍රී පුෂ්පාරාමය - ගෝනුල්ල ගෝනුල්ල, ගෝනුවිල
උඩලංකා පිරිවෙන - උල්පන මඩවල, උල්පත
ශ්‍රී ධම්රතන ධර්මායතනය - ඌව - කුඩාඔය ශ්‍රී ධම්මරතන ධර්මායතනය, සමගිපුර, ඌව - කුඩාඔය
ශ්‍රී බෝධිරාජ විහාරය - මාන්වත්ත ජනහිත ගොඩනැගිල්ල, තුන්වන මහල, පල්ලෙපොල
ශ්‍රී ජයවර්ධනාරාමය - බලබොටුව ඔලබොටුව, ගෝනපොල
සීලානන්ද පිරිවෙන - නෙළුම්දෙනිය නාපේ, නෙළුන්දෙනිය
ශ්‍රී ශෛලතලාරාමය - යටියන්තොට මලපොල, යටියන්තොට
චිත්ත විවේකාශ්‍රමය - කුණ්ඩසාලේ ගල්තලාව, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ
භාරතී විද්‍යායතන පිරිවෙන - ගෙඩගන්දෙනිය ගොඩගන්දෙනිය, පැණිදෙනිය, පේරාදෙනිය
ඉසිතනාරාම බෞද්ධ මධ්‍යස්ථානය - ඉනාමලුව ඉනාමලුව
කන්දේ විහාරය - අලුත්ගම කන්දේ විහාරය, අළුත්ගම
ශ්‍රී සමග්ගොඩය මහා පිරිවෙන - හෙම්මාතගම ශ්‍රී සමන්ගොඩය මහා පිරිවෙන, කපුරුක්ඛ, හෙම්මාතගම
විද්‍යාශේඛර පිරිවෙන මහා විහාරය - බැල්ලපිටිය බැල්ලපිටිය, හොරණ
සුනන්දාරාම මූලික පිරිවෙන - ඕවිටිගල සුනන්දාරාම මූලික පිරිවෙන, ඕවිටිගල, මතුගම
විද්‍යාවංශ මහා පිරිවෙන විද්‍යාවංශ මහා පිරිවෙන, බණ්ඩාරවත්ත
විද්‍යාවර්ධන පිරිවෙන - ඉංගිරිය ඉංගිරිය පරණ හල්වතුර පාර, ඉංගිරිය
ශ්‍රී සුනන්ද දහම් පාසල ශ්‍රී සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් විහාරය, මැදගම, ගම්පහ
ශ්‍රී නිග්‍රෝධාරාමය - මකුලුවැව ශ්‍රී නිග්‍රෝධාරාමය, මකුලුවැව
ශ්‍රී සුමනාරාමය - පොල්ගස්වත්ත ශ්‍රී සුමනාරාමය, පොල්ගස්වත්ත, නූරිය, දැරණියගල
කුල්ලියතුල් නූරියියා අරාබි පාසල - කන්නත්තොට කෙලින් වීදිය, කන්තන්තොට
ඩඩ්ලි සේනානායකාරාමය - මහහේනගම ඩඩ්ලි සේනානායකාරාමය, මහහේනගම, වරකපොල
ශ්‍රී විසුද්ධාරාම මහා විහාරය - කරවනැල්ල වන්දල, කරවනැල්ල, රුවන්වැල්ල
ශ්‍රී සීලත්කන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය - දොඩන්දුව 63 කණුව, පටුවත්ත, දොඩන්දූව
කසාගල රජමහා විහාරය - හිරියාය හරියාය, ගනේවත්ත
කැකිරිගොඩ කොටවෙහෙර රජමහා විහාරය කැකිරිගොඩ, දේවාලගොඩ, මාවනැල්ල
ශ්‍රී සුජානකාන්තාරාමය - උඩුගම විද්‍යාකීර්ති පිරිවෙන, බටහිර උඩුගම, උඩුගම
ශ්‍රී සිද්ධාර්ථාරාමාය - මැදගොඩලන්ද ශ්‍රී සිද්ධාර්ථාරාමය, ගලිගමුව, මැදගොඩලන්ද
ප්‍රතිරාජ පිරිවෙන - කැකුලන්දල ප්‍රතිරාජ පිරිවෙන, කැකුලන්දල, අගලවත්ත
ශ්‍රී සීලවමිල මහා පිරිවෙන - දොරවක ශ්‍රී සීලවිමල මහා පිරිවෙන, දොරවක, වරකපොල
ශ්‍රී ශීලාරාම දහම්පාසල් සංවර්ධන සමාජය - හල්පිටිය ශ්‍රී ශීලාරාමය, හල්පිටිය දහම්පාසල, හල්පිටිය, කිරිමදුන්න
පුංචි දඹදිව අසූමහා ශ්‍රාවක බුදුරාජ විහාරය පුංචි දඹදිව අසූමහා ශ්‍රාවක බුදුරාජ විහාරය, පුංචි දඹදිව, රත්ගඟ, කුඩාව, රත්නපුර
මැදමළුව විහාරය - ඕනෑගම මැදමළුව විහාරය, ඕනෑගම
ශ්‍රී ජයවර්ධන පිරිවෙන - කෙහෙල්වත්ත කෙහෙල්වත්ත, වතුර
ශෛලදර්ශනාරාමය - තෙල් එක ශෛලදර්ශනාරාමය, තෙල්එක, අරණායක
කොන්තනගොඩ විහාරය - උඩකරඩුපොල ශ්‍රී ධර්මෝදයාරාමය, කොත්තනගොඩ, උඩකරඩුපොල, කෑගල්ල
ශ්‍රී රතනජෝතියාරාමය - දෙඹන්ගම ශ්‍රී රතනජෝතියාරාමය, උයනැලිය‍‍, දෙබත්ගම
ශ්‍රී වීරතුංගාරාමය - මඩිහ ශ්‍රී වීරතුංගාරාමය, බටහිර මඩිහ, කඹුරුගමුව
ශ්‍රී සඟබෝ සුභසාධක සමිතිය - රජවැල්ල ශ්‍රී ප්‍රියදර්ශනාරාමය, ගෝනවල, දික්වැල්ල
විහාරස්ථ කාර්ය සාධක සමිතිය -දේදුනුපිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ශ්‍රී බෝධිසිංහ පිරිවෙන, දේදුනුපිටිය
අමද්‍යප තරුණ සමාජය - කුරුවිට සංක පොත්හල, උඩුමහල, කුරුවිට
මිහිඳු ධර්මායතන මූලික පිරිවෙන - බැඳිවැව 24, ශ්‍රී මහින්දාරාමය, බැඳිවැව, ජයන්තිපුර
ශ්‍රී පඤ්ඤාප්‍රදීප පිරිවෙන - අඹතලාව ශ්‍රී පඤ්ඤාප්‍රදීප පිරිවෙන, අඹතලාව, කොත්මලේ
ශ්‍රී සුදර්මාරාම විහාරස්ථාන කාර්ය සාධක සමිතිය - බඩුපොල ශ්‍රී සුදර්මාරාම විහාරය, බධුපොල, ගිනිගත්හේන
වැලිමැන්න ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථාන කාර්යසාධක සමිතිය - අරණායක ශ්‍රී විජයසුන්දරාරාම විහාරය, වැලිමැන්න, අරණායක
සමණබැද්ද පන්සල - උහන ශ්‍රී ධම්මරතන මහා පිරිවෙන, සමණබැද්ද, උහන
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය - බටුවන්හේන බටුවන්හේන, ඇල්පිටිය
නාගදීප පුරාණ රජමහා විහාරය - නාගදීපය නාගදීප පුරාණ රජමහා විහාරය, නාගදීපය
ශ්‍රී චන්දෝදය මහා පිරිවෙන - හකහින්න ශ්‍රී චන්දෝදය මහා පිරිවෙන, දෙමටන්පිටිය, හකහින්න
දැන්වීම් :

මධ්‍යස්ථාන සෙවීම