SinhalaSriLankaTamilSriLanka

750 වන නැණසල මධ්‍යස්ථාන ජනගත කිරිම ජනපති සුරතින්.

අගලවත්ත බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙනේ සියවස්‌ සැමරුම් උත්සවයට පෙරේදා (17 දා) සහභාගිවූ ජනාධිපතිවරයා උත්සවය අමතා මේ බව පැවැසීය.

මම බෙල්ලන ධර්මපාල පිරිවෙනට වසර සියය සම්පූර්ණ වන අවස්‌ථාවට සහභාගී වන්නේ ඉතාම සන්තෝෂයෙන්. අපේ අනුනායක හාමුදුරුවෝ කිව්වා මම පස්‌වෙනි වතාවට තමයි මේ පස්‌දුන් කෝරලයට එන්නේ කියලා.

අපේ මහානායක හාමුදුරුවෝ මේ පිරිවෙන ආරම්භ කරලා මේ පිරිවෙන් ශිෂ්‍යයෙක්‌ වශයෙන් අධ්‍යාපනය ලැබුවා. මේ පිරිවනෙන් අධ්‍යාපනය ලබපු මහා සඟ පුරපුරක්‌ සිටිනවා. මේ සඟ පරපුර මේ රටේ විතරක්‌ නෙවෙයි ලෝකයේම ධර්ම ප්‍රචාරයේ යෙදෙනවා. එංගලන්තයේ සතිපට්‌ඨාන සූත්‍ර භාවනාව අනිවාර්ය කරලා තිබෙනවා. පළමු දෙවන පන්තිවල දරුවන්ට නායක හාමුදුරුවන්ට එහෙම කරන්න හැකි වුණේ ඒ ලබාගත් අධ්‍යාපනය නිසා බව මම විශ්වාස කරනවා. අද මේ පොඩි හාමුදුරුවරු සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසියෙන් කථා පවත්වනකොට අපිට ආඩම්බරයක්‌ ඇතිවුණා. අපේ හාමුදුරුවෝ ගැන අනාගතයේ බලාපොරොත්තු තබාගන්න පුළුවන්. මේ රටේ පමණක්‌ නොවෙයි විදෙස්‌ රටවලත් ධර්ම ප්‍රචාරය කිරීම ඉතා වැදගත් වෙනවා.


මේ පිරිවෙනට පමණක්‌ නොවෙයි මේ පළාතේ දරුවන්ටත් ප්‍රයෝජනවත් වන විදිහටයි අද 750 වන නැණසළ මේ පිරිවනේ ආරම්භ කළේ. එය ලොකු පිම්මක්‌. මේ පිරිවෙනට අපි සම්බන්ධ වෙනවා. අපේ විහාරාධිපති හාමුදුරුවෝ 1968 මම විදෙHdaදය විශ්වවිද්‍යාලයේ වැඩ කරන කාලයේ ශිෂ්‍ය හිමිනමක්‌ ලෙස එහි වැඩම කළා. ඒ අවස්‌ථාවල මම පුස්‌තකාලයේ ඉන්න විට හාමුදුරුවෝ පොත් ලබාගන්න වඩිනවා. ඒ කාලයේ ඇතිවූ ඒ මිත්‍රත්වය සම්බන්ධය මේ වෙලාවේ මතක්‌ කරන්න ඕනෑ.

පසුගිය කාලයේ මාස ගණනාවක්‌ ජය පිරිත මේ පිරිවෙනේ දේශනා කළා. හැම අවස්‌ථාවකදීම බුදුදහම වෙනුවෙන් පමණක්‌ නොවෙයි. මේ රටේ ඇතිවන ප්‍රශ්න පිළිබඳවත් හොඳ අවබෝධයකින් යුක්‌තව ඉතාමත් නිර්භීතව තමන්ගේ යුතුකම ඉටුකළා. අපේ විහාරාධිපති හාමුදුරුවන්ට ඒ දිනවල රජයේ ගුරුවරයෙක්‌ වශයෙන් පත්වීමේ හැකියාව තිබියදීත් මේ පිරිවෙනට වැඩම කරලා මේ පිරිවෙන දියුණු කිරීම සඳහා කටයුතු කිරීම අපි කාටත් ඉතාමත් ආදර්ශයක්‌.

වෙනත් රජයන්ට වඩා අපගේ රජය පසුගිය කාලයේa පිරිවෙන් අධ්‍යාපනයට විශාලම කාර්යභාරයක්‌ ඉටුකරලා තිබෙනවා. ශිෂ්‍ය ආධාර මුදල්, භික්‍ෂූ ආධාර මුදල්, වැඩි කළා. මෙය දියුණු කරන්න තවත් ආධාර මුදල් ලබාදීමට පියවර ගන්නවා. පිරිවෙන් අධ්‍යාපනය මේ අනුග්‍රහයන් දක්‌වන්නේ ඒ වැදගත්කම අපි අවබෝධ කරගෙන තිබෙන නිසා.

ඔබ වහන්සේලා දන්නවා අද රට නිදහස්‌ කරලා රටේ ඇවිදින්න, කියන්න නිදහසේ ජීවත් වෙන්න හැමෝටම අවස්‌ථාව තිබෙනවා. හැමෝගෙම ජීවිත ආරක්‍ෂා කරගන්න පුළුවන් යුගයක්‌ අපි බිහිකරලා තිබෙනවා. නමුත් ඒ යුගය බිහිකිරීම පිළිබඳව අද අපට වග උත්තර බඳින්න සිදුවෙලා තිබෙනවා. නමුත් අපි දන්නවා ලෝකයේ වෙන දේවල් දිහා බැලුවාම අපේ රට දිහා බැලුවාම මේ මතවාද, දේශපාලන වුවමනාවන් ඕනෑම කෙනෙකුට තිබෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල අපේ මාතෘභූමිය මුලික කරගෙන පසෙක හෙලන්න අපි පියවර ගන්න ඕනෑ. රටට මාතෘභූමියට තර්ජනයක්‌ ඇතිවන අවස්‌ථාවකදී ඒ සියල්ල පසෙක දමලා රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටීම කාගේත් යුතුකම.

අපේ මහා සංඝරත්නය ඒ හැම අවස්‌ථාවකදීම පෙරට ඇවිත් තිබෙනවා. ඉතිහාසයේ ඇවිත් තිබෙනවා ඒ වගේම අනාගතයේත් පෙරට යමින් මේ රටේ ජනතාව මෙහෙවනවා. තම මාතෘභූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කරන්න සැරසෙනවා කියන බව අපට විශ්වාසයි.

අපේ මහානායක ස්‌වාමීන්වහන්සේට අපේ ගෞරවය පුද කරමින්, නිරෝගී බව, දීර්ඝායුෂ පතනවා. ඒ වගේම අනුනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නයට අපේ ගෞරවය පුද කරනවා. අද මෙහි පැමිණි සියලු දෙනා මේ පිරිවෙනත් සමග සම්බන්ධ වෙලා ඉදිරියට කටයුතු කරන්න මේ පන්සලේ දියුණුව ගමේ දියුණුවයි. රටේ දියුණුවයි. එය මතකයේ තබාගෙන කටයුතු කරන්න.

අග්ගමහා පණ්‌ඩිත බෙල්ලන ශ්‍රී Cදාණවිමල මහානායක හිමිපාණන් වහන්සේ වෙත අටපිරිකර පූජා කළ ජනාධිපතිවරයා ධර්මපාල මහා පරිවේනාධිපති බස්‌නාහිර පළාත් උප ප්‍රධාන සංඝනායක මාලේවන පුඤaCදාරතන නාහිමිපාණන් වෙත තිළිණයක්‌ද පිළිගැන්වූහ.

මෙහිදී ජනාධිපතිවරයා විසින් පිරිවෙනේ වෙබ් අඩවිය හා 750 වන නැණසල විවෘත කෙරුණි.

මෙම අවස්‌ථාවට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ, මහාමාර්ග හා වරාය ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල යන මහත්වරුද මෙම අවස්‌ථාවට එක්‌වූහ.

Add comment


Security code
Refresh


PoorBest 
Notices :

Nenasala Search




Contents of this site is licensed under a Creative Commons
Attribution-Noncommercial-Share Alike 3.0 License.