English (UK)SinhalaSriLanka

දකුණේ පහසුකම් උතුරටත්

යාපනය දිස්ත්‍රික්ක‍යේ නව නැණසල මධ්‍යස්ථාන 21 ක් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමති රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා විවෘත කෙරිණි.

උතුරු පළාත් ජනතාව‍ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් ඉහළ නැංවීම මෙහි අරමුණ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

දකුණේ ජනතාව බුක්ති විදින සෑම වරප්‍රසාදයක්ම කිසිදු බේදයකින් තොරව උතුරේ ජනතාවටද ලබාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අරමුණ බවත් දැන් උතුරේ ඇත්තේ සංවර්ධන සංග්‍රාමයක් බවත් විවෘත කිරීමේ අවස්ථාවට එක්වු විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලා පිටිය මැතිතුමා පැවසීය.

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරුන් අතින් නැණසලක් ජනතා අයිතියට පැවරූ අයුරු ජායාරූපයේ දැක්වේ.

මේ වසර අවසන්වීමට පෙරොතුව නැණසල මධ්‍යස්ථාන දහනමයක් කිලිනොච්චිය මන්නාරම වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වල ස්ථාපිත කිරීමට නියමිතව තිබේ. 

புதிய கருத்தை சேர்


Security code
புதுப்பிப்பு

அறிவித்தல்கள் :

அறிவகத் தேடல்